උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට දින නියම වේ

අපොස උසස් පෙළ සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනයන් පිළිබඳ තීරණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (20 වැනිදා) පැවැත්විණි. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු අදාළ නිලධාරීන් අතර පැවැත්වුණු එම සාකච්ඡාවෙන් අනතුරුව අපොස උසස් පෙළ විභාගය ලබන ඔක්තෝබර් මස 12 වැනිදා ආරම්භ කිරීමටත් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝබර් මස 11 වැනිදා පැවැත්වීමටත් තීරණය කර තිබේ.