වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ආසාදිත වූ සියලු දෙනාම සුව වේ

වැලිසර නාවික හමුදා කඳවුරෙන් හමුවූ කොරෝනා ආසාදිත වූ නාවික හමුදා සාමාජිකයින් 906 දෙනාම මේ වනවිට සුවය ලබා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අනුව කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනා ද සුවය ලබා රෝහලෙන් පිටව ගිය බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.