දයාසිරි වයඹ මහාඇමැතිකමට තරග කිරීමේ සූදානමින්

පක්ෂය ඉල්ලා සිටියහොත් වයඹ පළාත් සභාවේ  මහ ඇමැති අපේක්ෂක ධුරයට තරඟ වැදීමට තමා සූදානම් යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

වයඹ පළාතෙන් තමාට එවැනි ඉල්ලීම් ගණනාවක් දැනටමත් ලැබී ඇතැයිද  හෙතෙම සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී පුළුල්  සන්ධානයක් ලෙස පැමිණෙන්නේ එම  තීරණය ගැනීමට  එක පයින්  සූදානම් බවත්  වයඹ පළාතේ හිටපු මහ ඇමැති  විදිහට  එම පළාතට විශාල වැඩ කොටසක් තමා ඉටු කර ඇති බවත් ජයසේකර මහතා වැඩිදුරටත් පවසයි.