‘යොහානි’ බොලිවුඩයේ අලුත් වැඩක

සතීෂාන් රත්නායකගේ ‘මැණිකේ මගේ හිතේ ” ගීතය ගායනා කිරීම නිසා ඉන්දියාව ඇතුළු ලොව පුරා රටවල් රැසක අතිශය ජනප්‍රියත්වය පත් ලංකාවේ නව පරපුරේ ගායිකා යොහානි ද සිල්වා සිය ප්‍රථම  බොලිවුඩ්  චිත්‍රපට පසුබිම් ගායනයට අද  (28දා ) සම්බන්ධ වූවාය.

ඉන්දියාවේ ප්‍රකට සංගීත හා  බොලිවුඩ් චිත්‍රපට නිෂ්පාදන සමාගමක්  වූ  ටී- සීරිස් ආයතනය විසින් නිෂ්පාදනය කළ, කුනාල් දේශ්මුක් විසින් අධ්‍යක්ෂණය කළ ”ෂිද්දත්’ හින්දි චිත්‍රපටයේ  නිල තේමා ගීතයේ පසුබිමි ගායිකාව ලෙසින් ඇය මෙලෙස බොලිවඩු චිත්‍රපට ගායනයට එක්වූවාය.

ඇය සිදු කළ ගායන සහිත වීඩියෝව  යූ ටියුබ් ඔස්සේ  අන්තර්ජාලයේ  එළි දැක්වූ අතර මෙම ගීතයේ නිල පසුබිම් ගායකයා  වශයෙන් ඉන්දීය ගායක මානන් බාරද්වාජ් කටයුතු කරනු ලබයි.

යොහානි ගේ ගායනය ඇතුළත් ෂිද්දත් හින්දි චිත්‍රපටය ඉන්දියාවට සමගාමීව ලොව පුරා රටවල් රැසක ලබන 01 වැනිදා සිට තිරගත කිරීමට නියමිතය.