ණයවලටත් සහනයක්

කොවිඩ් -19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා සලසා ඇති ණය සහන ලබන දෙසැම්බර් මස 31දා දක්වා දීර්ඝ කිරීමට රජය පියවර ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත උපදෙස් ලබා දෙමින් 01 වැනිදා  නව චක්‍රලේඛයක් ද  නිකුත් කර ඇත.

තවද, කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත් වූ ව්‍යාපාර සහ පුද්ගලයින් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් ඔවුන්ගේ ඉල්ලීම පරිදි ලබා දෙන ණය සහන ,මෙම නවතම චක්‍රලේඛනය යටතේ ලබා දෙන ප්‍රතිලාභ වලට වඩා අඩු නොවන පරිදි අතිරේක සහන ලබා දිය හැකි බව ද මහ බැංකුව වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ‌වෙත දන්වා ඇත.