ධම්මක පැණියේ බලපත්‍රය අහෝසියි

ධම්මක පැණිය ‘කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාර පෝෂකයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගත් බව ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ ප්‍රවෘත්ති දෙපාර්තමේතුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

මෙම පැණිය පිළිබඳව කළ සායනික පරීක්‍ෂණවලදී එහි ‘කොවිඩ්’ මර්දනය සම්බන්ධයෙන් සාපල්‍යතාවක් නොමැති බවට හතවුරු වී ඇති බවත් අඛණ්ඩව එවැනි ක්‍රම සහ ඖෂධ ආයුර්වේද දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වන බවත් කොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ඖෂධ සඳහා වන විශේෂ කමිටුව අධ්‍යනයෙන් පසුව ඖෂධ 1 කට නිර්දේශ ලබාදීලා නීත්‍යනුකූල කර ඇතැයි ද කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේය.

මැති ඇමතිවරුන් රැසක්ද මෙම ධම්මික පැණිය පාර්ලිමේන්තුවේදී පානය කර දැඩි ආන්දෝලනයක් මීට මාස කිහිපයකට පෙර ඇතිවුණි.