අයිසීසී වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට දිමුත් කරුණාරත්න නිර්දේශ වෙයි.

වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාටහිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත්
කරුණාරත්න නිර්දේශ කර තිබේ.
2021 අයිසීසී සම්මාන ප්‍රදානෝත්සවයට අදාළ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි අනෙක් නිර්දේශිත
නාම ලෙස ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කර ඇති සෙසු ක්‍රීඩකයන් වන්නේ
නවසීලන්තයේ කයිල් ජැමීසන්, ඉන්දියාවේ රවිචන්ද්‍රන් අශ්වින් සහ එංගලන්ත ටෙස්ට් නායක ජෝ
රූට්ය.
2021 වසරට අදාළව දක්වා ඇති දස්කම් පාදක කර ගනිමින් අයිසීසී ය විසින් මෙම තෝරාගැනීම්
සිදුකරන ලද අතර ඒ සඳහා නිර්දේශ වී ඇති එක් එක් ක්‍රීඩකයින් මෙම වසරේදී මෙතෙක් දක්වා ඇති
දස්කම් මෙසේය…

දිමුත් කරුණාරත්න – ශ්‍රී ලංකාව
ටෙස්ට් තරග – 07ලකුණු – 902 සාමාන්‍ය – 69.38 ශතක – 04

කයිල් ජැමීසන් – නවසීලන්තය
ටෙස්ට් තරග – 05 ලකුණු – 105 සාමාන්‍ය – 17.50 කඩුලු – 27 සාමාන්‍ය – 17.51

රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව
ටෙස්ට් තරග – 08 කඩුලු – 52 සාමාන්‍ය – 16.23 ලකුණු – 337 සාමාන්‍ය – 28.08 ශතක – 01

ජෝ රූට් – එංගලන්තය
ටෙස්ට් තරග – 15 ලකුණු – 1708 ශතක – 06

ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ ක්‍රිකට් තරග වර්ෂයක් තුළ ලකුණු 1,700 ඉක්මවා ගිය තෙවැනි ක්‍රීඩකයා
වන්නේ රූට් ය. මීට පෙර ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ මොහොමඩ් යුසුෆ් එම දස්කම දක්වා තිබේ.
මෙම වසරේ අයි.සී.සී. (ICC) සම්මාන ප්‍රධානය තනි පුද්ගල සම්මාන 13කින් සමන්විත වන අතර පිරිමි
සහ කාන්තා ක්‍රිකට් යන දෙඅංශයෙන්ම එක් එක් ආකෘතිය සඳහා වසරේ කණ්ඩායම් සම්මාන පහකින්ද
සමන්විත වේ.

ක්‍රීඩක සම්මාන කාණ්ඩ වන්නේ:

– වසරේ ICC පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් කුසලානය
– වසරේ ICC කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව සඳහා වන කුසලානය
– වසරේ ICC පිරිමි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා
– වසරේ ICC පිරිමි එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා
– වසරේ ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව
– වසරේ ICC පිරිමි T20I ක්‍රිකට් ක්‍රීඩකයා
– වසරේ ICC කාන්තා T20I ක්‍රිකට් ක්‍රීඩිකාව
– ICC වසරේ නැගී එන පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා
– ICC වසරේ නැගී එන කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාව
– වසරේ ICC පිරිමි සහාය ක්‍රිකට් ක්‍රීඩකයා
– වසරේ ICC කාන්තා සහාය ක්‍රිකට් ක්‍රීඩිකාව
– ICC ජීවගුණය පිරි ක්‍රිකට් සම්මානය
– වසරේ ICC ක්‍රිකට් විනිසුරු
ICC වසරේ නිල කණ්ඩායම ජනවාරි 17 සහ 18 යන දිනවල ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. කාන්තා
ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ තනි පුද්ගල සම්මාන ජනවාරි 23 වැනිදා ප්‍රකාශයට පත් කෙරේ. පිරිමි සම්මාන
මෙන්ම ක්‍රිකට් ජීවගුණය පිරි සම්මානය සහ වසරේ විනිසුරු සම්මානය ජනවාරි 24 දින ප්‍රකාශයට පත්
කෙරේ.