19න් පහළ ආසියානු කුසලාන තරගාවලියටත් කොවිඩ් හරස් වෙයි

සාජා ක්‍රීඩාංගණයේ පැවැති බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙමින් තිබූ වයස අවුරුදු 19න්
පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරගය කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමක්
හේතුවෙන් අතරමඟදී නවතා දමා තිබේ.

ඒ වනවිට පළමුව පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශ් කණ්ඩායම පන්දු ඕවර 32.4කදී කඩුලු 4ක්
දැවී ලකුණු 130ක් ලබා සිටියේය.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ එම තරගය ට සම්බන්ධ නිලධාරීන් දෙදෙනෙක් කොවිඩ්
ආසාදිතයින් ලෙස හඳුනාගැනීම හේතුවෙන් එම තීරණය ගත් බවය. තවද ආසියානු ක්‍රිකට් කවුන්සිලය
නිවේදනය කළේ එම තරගය හා එක්වූ සියලු ක්‍රීඩකයින් සහ අනෙකුත් නිලධාරීන් ව සෞඛ්‍ය පරීක්ෂණ
සඳහා යොමු කෙරෙන බවයි.