රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අතර සාකච්ඡාවක්

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු එම සංගමයේ නිලධාරින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සමඟ සිය වෘත්තීන්ට අදාල කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරත වී ඇත.

මෙම සාකච්ඡාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශණය වන “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශණයේ සදහන් සෞඛ්‍ය සේවාව නඟා සිටුවිමට අදාල කරුණු ක්‍රියාත්මක කිරීම පිළිබදව අවධානය යොමු කරෙ ඇත.

මෙම සාකච්ඡාවේ දී වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ඇතුලු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු සහ ප්‍රශ්න සම්බන්ධයෙන් අමාත්‍යවරිය දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇත.

එහිදි ගත යුතු ක්ෂණික, කෙටි කාලීන හා දීර්ඝ කාලීන පියවර පිළිබද අමාත්‍යවරිය නිලධාරීන් දැනුවත් කර ඇත.

එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉදිරියටත් පවත්වාගෙන යාම සදහා විශේෂ කරුණු කිහිපයක් පිළිබදව ද මෙහිදී අවධානය යොමු කර ඇත.

අමාත්‍යවරිය එම කරුණූ ක්‍රියාත්මක කිරීමට අදාල  උපදෙස් සෞඛ්‍ය ලේකම්වරියට හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලබා දී ඇත.

ඉහත ප්‍රධාන කරුණුවලට අමතරව වෛද්‍ය ක්ෂේත්‍රයට බලපාන තවත් කරුණු 10ක් පිළිබදව මෙම හමුවේ දී සාකච්ඡාවට බදුන්ව ඇත.

මෙම සාකච්ඡා සදහා සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් පී.එම්.එස් චාල්ස් මැතිණිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා, අමාත්‍යාංශයේ නිලධාරින් සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නියෝජනය කරමින් නිලධාරීන් එක්ව සිටියහ.