පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 227කින් ජය ගැනීමට සංචාරකයෝ අද (09 වැනිදා) සමත් වූහ. ඒ අනුව දෙරට අතර තරග 4කින් යුත් ටෙස්ට් තරගාවලයි 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් විය.
තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද දිනය ආරම්භයේදී ජයග්‍රහණය වෙනුවෙන් කඩුලු 9ක් ඇතැතිව ලකුණු 381ක් ලබා ගැනීම හෝ තරගය ජය පරාජයකින් තොරව නිමාකර ගැනීමට දිනය පුරා නොදැවී පන්දුවට පහරදීමේ අභියෝගය ඉන්දීය කණඩායම හමුවේ තැබීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වී සිටියහ. ඒ අනුව අදාළ දැවැන්තත ඉලක්කය හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ සියලුම පිතකරුවෝ ලකුණු 192ක් තුළ දවා ගැනීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.
ඉන්දීය ගෞරවය රැක ගැනීම වෙනුවෙන් ප්‍රබල සටනක නියැළුණු නායක විරාට් කෝලි පන්දු 104ක් පුරා කඩුල්ලේ රැඳෙමින් ලකුණු 72ක් වාර්තා කිරීමට සමත් විය. ආරම්භක පිතිකරු ෂුබ්මන් ගිල් පන්දු 83කදී අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් විය. එංගලන්ත කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ ජැක් ලීච් පන්දුවාර 26ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 76කට ඉන්දීය කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර ජේම්ස් ඇන්ඩර්සන් පන්දුවාර 11ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 17කට ඉන්දීය ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමීය.
ලකුණු තත්ත්වය
එංගලන්ත පළමු ඉනිම 578/10, දෙවැනි ඉනිම 178/10.
ඉන්දීය පළමු ඉනිම 337/10යි දෙවැනි ඉනිම 192/10.