අධිවේගී ගැහිල්ල කෝටි 16,440 ක් – බැඳුම්කර වංචාව මෙන් දහගුණයක්

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේදී රුපියල් කෝටි 16ල440 ක මුදල් වංචාවක් සිදු කිරීමට පිඹුරුපත් සකස් කර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා (20 දා) අනාවරණය කළේය.

මෙම කිලෝ මීටර් 20 ඉදිකිරීමට කටයුතු කළහොත් හම්බන්තොට වරාය සහ නෙළුම් කුලූන ඉදිකිරීමට වැයවූ මුදලට සමාන බවද දෙහිවල නගර සභා පටුමගේ පිහිටි ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් වසන්ත සමරසිංහ මහතා පැවසීය.

මහ බැංකු බැඳුම්කර වංචාව 2015 පෙබරවාරි 27 වැනිදා සිදුකර 2022 පෙබරවාරි 27 ආසන්න වන විට වසර හතක් ගතවන විට මහ බැංකු වංචාව මෙන් දසගුණයකටත් වඩා වංචාවක් කිලෝ මීටර් 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය හරහා සිදුවන බවද ඒ මහතා කීයග වැඩිදුරටත් අදහස් දැක්වූ වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර සිට රඹුක්කන දක්වා කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමක් කළාග ඒ සඳහා චීන සමාගමක් සහ ලංකාවේ කොන්ත‍්‍රාත් සමාගම් ඒකාබද්ධව සකස් කළ සමාගමක් ටෙන්ඩර් ඉදිරිපත් කළාග මේ ටෙන්ඩර් දෙක සම්බන්ධයෙන් පසුවිපරම් කර චීන සමාගම ඉවත් කර තිබෙනවා.

චීන සමාගම කිලෝ මීටර් 20 ඉදිකිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 1050 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙන විට මෙරට සමාගම ඩොලර් මිලියන 1872 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවාග චීන සමාගමට වඩා ඩොලර් මිලියන 822 ක් වැඩියිග සාමාන්‍යයෙන් මෙරට සමාගමක් ටෙන්ඩරයට ඉදිරිපත් වීමේදී විදෙස් සමාගමකට වඩා අඩු මුදලක් ඉදිරිපත් කරන්නේ.

අඩු මුදලක් ඉදිරිපත් කර තිබෙන චීන සමාගම ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රයේ පළපුරුදු ආයතනයක් වුවත් එම සමාගම ප‍්‍රතික්‍ෂේප කර මෙරට සමාගමට ටෙන්ඩරය දීම නිසා ඩොලරය රුපියල් 200 ක් ලෙස ගණනය කළහොත් රුපියල් කෝටි 16ල440 කට අධික වෙනවාග ඒ කියන්නේ රුපියල් බිලියන 164 ක්ග හම්බන්තොට වරාය ඉදිකිරීමටත් වැයවුණේ රුපියල් බිලියන 145 යිග

මෙරට සමාගමට අනුමැතිය ලබා ගැනීම සඳහා මහාමාර්ග අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයත් නොමග යවා ඇති බව කැබිනට් පති‍්‍රකාව නිරීක්‍ෂණය කිරීමේදී පෙනී යනවාග අඩුම ගානේ මෙම ටෙන්ඩරය ලබාදීමේදී නීතිපතිවරයාගෙන්වත් උපදෙස් ගන්න බැරි තත්ත්වයක් ඇති කරලා තියෙනවාග කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාවේ මෙය රුපියල් බිලියන 82 කින් කරනවයි කියලා තියෙනවාග

ඒ වගේම තමයි ලැම්බෝගිනිල රෝල්ස් රෝයි වැනි වාහන ජාවාරමකද තොරතුරු ලැබී තිබෙනවාග මේ අතිසුඛෝපභෝගී වාහන ජාවාරමට එම වාහනවල කොටස් කිහිපයක් මෙරටට ගෙන්වා ගන්නවාග ඊළඟට එම වාහනවල ඉතිරි කොටස් ටික ගෙන්වා වරායේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන රාජසන්තක කරනවාග පසුව එම කොටස් ටෙන්ඩර් කැඳවා අලෙවි කරනවා. හැබැයි ඒ කොටස් මිලදී ගන්න පුළුවන් ඊට අවශ්‍ය අමතර කොටස් ළග තිබෙන අයට පමණයි.

මේ මොකක්ද කරන්නේ? දේශපාලන ප‍්‍රබලයන් මැදිහත්වී කොටස් මුලින් ගෙන්වා පසුව රාජසන්තක කරන කොටස් ටික ටෙන්ඩර් මගින් මිලදී ගැනීමයිග මෙම කොටස් එකතු කර වාහනය පසුව සකස් කර භාවිතයට ගන්නවා ඇතිග මේකෙන් සිදුවන්නේ මේ සුඛෝපභෝගී වාහන නීත්‍යනුකූලව ගෙන්වීමේදී රජයට අය වන බදු මුදලද අහිමිවී යෑමයි.

එල්ටීටීඊය පරාජය කිරීමට යොදා ගත් කෆීර් යානා පහක් අලූත්වැඩියා කිරීමට උත්සාහ කරනවාග මේ සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 122 ක් වැය කිරීමට සැලසුම් කර ඊශ‍්‍රායල් සමාගමකට මේ වන විටත් ඇමරිකන් ඩොලර් මිලියන 07 කට වැඩි මුදලක් ගෙවා තිබෙනව.

මේ කෆීර් යානාවලට අවුරුදු 35 ක් 40 ක් වෙනවාග මේවා අලූත්වැඩියා කිරීමට ඩොලර් මිලියන 52 ක් වැය වන බවට ප‍්‍රකාශ කර තිබෙනවාග නමුත් ඊශ‍්‍රායලයෙන් අලූත්වැඩියා කර මෙරටට ගෙන එන කොටස් එකලස් කරන්න ඩොලර් මිලියන 62 ක් වැය කරනවාග මේ කෆීර් කොටස් ගැලවීම සඳහා ඊශ‍්‍රායල් රටේ ඉංජිනේරුවන් තිදෙනා බැගින් කොටස් වශයෙන් මෙරට පැමිණ කටයුතු කළත් ඔවුන් සමග මෙරට ගුවන් ඉංජිනේරුවන් 150 ක් පමණ සේවය කරනවාග මෙරට නිලධාරීන් සඳහා වැය වන ගෙවීම් පිළිබඳව නිවැරදිව සටහන්ව නැහැග ඒ නිසා මේ අලූත්වැඩියා කිරීම හරහා ඩොලර් මිලිය 60 ක අක‍්‍රමිකතාවයක් සිදුවන බවට පෙනී යනවා.

වර්තමානය වන විට කෆීර් යානයක් ඩොලර් මිලියන 35-40 වැනි මිලකට ගන්න පුළුවන්ග එහෙම බැලූවම මේ පැරණි කෆීර් යානා අලූත්වැඩයා කරනවට වඩා ලාබයි අලූත් කෆීර් 03 ක් 04 ක් මිලට ගැනීම.

මේ දූෂිත ගනුදෙනු සම්බන්ධයෙන් සියලූම ලිපි ලේඛන දූෂණ විරෝධී හඬ සංවිධානයට ලැබී තිබෙනවාග මේ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී අල්ලස් හෝ දූෂණ කොමිසමටත් අධිකරණය හමුවටත් යෑමට අපි කටයුතු කරමින් සිටිනවා යැයිද වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා