පාමංකඩදී සිදු වූ රිය අනතුරින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ දියණිය මරුට

පාමංකඩ ප්‍රදේශයේදී ඊයේ (14 වැනිදා) සිදු වූ රිය අනතුරකින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මාපිටියම මහතාගේ දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙන අතර ඇයගේ සැමියා බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ. පාමංකඩ ඊශ්වරී පාලම අසලදී මෙම රිය අනතුර සිදුවී ඇති අතර චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ දියණියගේ සැමියා පැදවූ වැගන් ආර් වර්ගයේ මෝටර් රථය ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථයක වැදීමෙන් මෙම මාරක රිය අනතුරු සිදුව ඇතැයි වැල්ලවත්ත පොලිසිය පවසයි.
ස්පෝර්ට්ස් වර්ගයේ මෝටර් රථය පැදවු තැනැත්තා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.