හිටපු ජනාධිපතිට පොළොන්නරුවේදී මැතිවරණ කොමිසම හරස් වෙයි

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 2019 උසස්පෙළ සමතුන් හට තිළිණ පත් ප්‍රධානයක් අද (15 වැනිදා) හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබිණි. ඒ අනුව ඒ අවස්ථාවට පැමිණි මෛත්‍රිපාල මහතාට ආපසු හැරී යෑමට සිදුවී තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙවර මහ මැතිවරණයට පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාරදී තිබේ. ඒ හේතුවෙන් පැවැත්වීමට කටයුතු යොදා තිබූ අදාළ උත්සවයට ඒ මහතා සහභාගී වීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බව මැතිවරණ කොමිසම විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් මෛත්‍රිපාල මහතාට එම ස්ථානයෙන් පිටව යෑමට සිදුව තිබේ.