ඉන්ධන අර්බුදයක් වාහන රැසක් පාරේ නවතී

බේරුවල නගර සභාවමගින් කසල බැහැර කරන ට්‍රැක්ටර් රථ ඇතුළු අත්‍යවශ්‍ය සේවා වල යොදවා තිබෙන වාහන රැසක් අද 5 දහවල් සිට ඉන්ධන අර්බුදයක් හේතුවෙන් නගර සභා පරිශ්‍රය ඉදිරිපිට ගාලු පාරේ මෙසේ ගාල්කර තිබේන බව නගර සභාව කියයි.

දෛනිකව එම රථ වාහන නිසි ලෙස ධාවනය සඳහා දින තුනක කාලයක සිට ඉන්ධන නිසි පරිදි නොලැබෙන බැවින් එම වාහන ධාවනය නොකර රියදුරන්ට නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට සිදුව ඇතැයි ද නගර සභා බල ප්‍රදේශයේ කසළ එකතු කරන සෞඛ්‍ය කම්කරුවන් ඇතුළු රියදුරන් ඇතුළු සේවකයින් තිස් දෙනකුට පමණ සිය රාජකාරි ඉටු කිරීමට නොහැකි වී ඇති බවත් බේරුවල නගර සභාවේ නගරාධිපති අල්හාජ් මසාහිම් මොහොමඩ් මහතා5දින පැවසීය.

මේ තත්ත්වය දැන් දින තුනක සිට ඇතිවෙලා තියෙනවා නගර සභාවේ ලේකම්තුමිය සිය රාජකාරි සිදුකිරීමේදී වගකීම් විරහිතව කටයුතු කිරීම මේ තත්ත්වයට හේතු වී ඇති බවත් නගරාධිපති වරයා පැවසීය . නගර සභාව ඉන්ධන ලබා ගන්නේ බේරුවල විවිධ සේවා සමුපකාර සමිතියෙ ඉන්ධන හලෙන් ඉන්ධන ලබා ගැනීමේදී අදාල ගෙවීම් කටයුතු කළ යුත්තේ ලේකම්වරිය විසිනුයි විෂයභාර නිලධාරීන් සිටියත් චෙක්පත් වලට අත්සන් කිරීමට ලේකම්වරිය කටයුතු නොකිරීම මෙම අර්බුදයටහේතුවයි.

දැන් බේරුවල නගර සභා බල ප්‍රදේශය ම දුගද හමන්නට පටන්ගෙන තිබෙන්නේ මේ තත්වයට ඉක්මනින් විසදුමක් අවශ්‍ය වෙනවා නගර සභාවක් හැටියට ජනතාව දොස් කියන්නෙ පාලක පක්ෂයේ මහජන නියෝජිතයන්ට මිසක් ලේකම්වරියට නෙවෙයි ලේකම්වරියට මෙහෙසේවය කරන්න අපහසු නම් ලේකම්වරියක් හෝ ලේකම්වරයෙක් පත් කර එවන ලෙස පළාත් පාන කොමසාරිස්වරයාගෙන් නගරාධිපතිවරයා හැටියට ඉල්ලීමක් කරනවා යයිද පැවසීය.

බේරුවල නගර සභාවේ සෞඛ්‍ය පරිපාලක ක්‍රිශාන් රංගන මහතා සඳහන් කළේ කොවිඩ් අවදානමද නොතකා සේවක කණ්ඩායම් දෙකකට බෙදා දෛනිකව කසල බැහැර කිරීම් ඇතුළු අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ඇඳිරි නීති පනවා තිබුණද සේවක කණ්ඩායම් කැඳවලා තියෙනවා. එහෙම ඇවිත් රාජකාරි කටයුතු නිසි ලෙස කරන්න බැරිවෙලා තියෙන්නේ සේවකයින්ගේ වරදක් නිසා නම් නොවෙයි. නගර සභාවේ වාහනයක් යොදවලා තියෙනවා බේරුවල රෝහලට අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර කොළඹ සිට ගේන්න ඉතින් ඒකටත් ඩීසල් නෑ . ඒ වගේම බේරුවල කසළ කෙරවලපිටිය ට ගෙනියන ට්‍රක් රථයටත් මේ තත්ත්වය බලපා තිබෙනවා.

ට්‍රැක්ටර් වල කසල පුරවාවිවෘතව තැබීමෙන් වැස්සට තෙමිලා අව්වට වේළෙනවා දැඩි දුගදක් හමා යන අතර එය මහත් පාරිසරික ගැටලුවක් වන බවත් කීහ .