ඉන්ධන අවුලෙන් කොළඹට වාහන සීමා වෙයි – පාසල් පැවැත්වීමත් වීඩියෝ තාක්ෂණයෙන් – යෝජනාව කැබිනට් අනුමැතියට

රට තුළ ඇති වී තිබෙන බරපතළ ඉන්ධන අර්බුධය හේතුවෙන් ඉන්ධන භාවිතය අඩු කරගැනීමට වහා ක්‍රියාත්මක කළ යුතු යෝජනාවලියක් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. එසේ ඉදිරිපත් කර ඇති යෝජනා මෙසේය.

  • ඉන්ධන මිල සූත්‍රය වහාම ක්‍රියාත්මක කිරීම
  •  කොළඹට එන වාහන සීමා කිරීම
  • සතියකට එක් දිනක් පාසල් පැවැත්වීම වීඩියෝ තාක්ෂණය මගින් සිදු කිරීම
  • වාහන තදබදය අඩු කිරීම සඳහා කාර්යාල ඇරඹීම විවිධ වෙලාවන්වලට සිදු කිරීම
  • රාජ්‍ය ආයතනවල රැස්වීම් සාකච්ඡා සඳහා නිලධාරීන් කැඳවීම සීමා කිරීම
  • ප්‍රාදේශීය ලේකම්වරුන් ආදීන් කොළඹට කැඳවීම සීමාකර එම සාකච්ඡා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීම
  • වාහන තදබදය අඩු කිරීමට පියවර ගැනීම
  • කර්මාන්තශාලාවට අවශ්‍ය බල ශක්තිය පුනර්ජනනීය බලශක්තිය මගින් ලබාගැනීමට කර්මාන්තකරුවන් දිරිගැන්වීම

ඉන්ධන භාවිතය අවම කිරීමට තෙල් මිල ඉහළ ද ඉන්ධන ඉල්ලුම අඛණ්ඩව ඉහළ ගොස් ඇති බවද පෙන්වා දී අමාත්‍යවරයා ජනතාවගේ ගමන් බිමන් වැඩිවීමත් ඉන්ධන භාවිතය වැඩි වීමට හේතු වී ඇතැයි පෙන්වා දී තිබේ.

ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ යාමත් සමග මේ වන විට ඉන්ධන ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 400ක් පමණ වැයවන බව ද විදුලිබල මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දුන්නොත් ඇමරිකානු ඩොලර් මිලියන 50 ක අමතර මුදලක් වැයවන බව ද එය ඉතා බරපතළ තත්ත්වයක් බවත් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්ධන භාවිතය සීමා කිරීම සඳහා විකල්ප යෝජනාවක් ලෙස අමාත්‍යවරයා මෙම යෝජනා රජයට ඉදිරිපත් කර තිබේ.