අද සිට ඉන්ධන මිලත් වැඩි කරලා

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එනම් අද (21දා) සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර ඇති බව
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුj යමින් ඊට සමගාමීව ලංකා
ඉන්දියන් ඔයිල් (IOC) සමාගමේ ඉන්ධන මිලද වැඩි කර ඇති බව සඳහන්.

වැඩි කරන ලද මිල ගණන් අනුව පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රු.20 කින් ඉහළ යන අතර එහි නව
මිල රු.177කි. පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ4 ලීටරයක් රු.26 කින් (නව මිල රු.210) වැඩිවී ඇත.

එසේම සුදු ඩීසල් – රු.10 කින් (නව මිල රු.121) සුපිරි ඩීසල් – රු.15 කින් (නව මිල රු.159) හා භූමිතෙල් –
රු.10 කින් (නව මිල රු.87) යනාදී ලෙස ඉහළ දමා ඇත.
ඉන්දියන් ඔයිල් (IOC) සමාගමේ ඉන්ධන මිලද වැඩි කර ඇත්තේ මේ හා සමාන මුදලකිනි.