ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව නඩු මගට ගිය හතුරුසිංහට තවත් කරදරයක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව ස්විට්සර්ලන්තයේ ලුසෑන්හි ක්‍රීඩා බේරුම්කාරක අධිකරණයේ ගොනු කර තිබූ නඩුව ඉවත්කර ගැනීමට චන්දික හතුරුසිංහ පියවර ගෙන තිබේ. ඒ අදාළ නඩුව පවත්වාගෙන යාමට නිසි බලයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් ඊට සහභාගී වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඇතුළු කණ්ඩායම පෙන්වාදීම හේතුවෙනි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංස්ථාගත ආයතනයක් (INCORPORATED) නොවන බවත් එහෙයින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බව එම කණ්ඩායම පෙන්වාදී තිබේ.
මෙහිදී හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නඩු පැවරීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වියදම්වූ සියලු නීති ගාස්තු අය කරගැනීමට නඩුවක් පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හතුරුසිංහගේ නඩුව වෙනුවෙන් නඩු ගාස්තු ලෙස පමණක්රු . මිලියන 20ක් වියදම් වී ඇති බව අනාවරණය වේ.
කෙසේ වෙතත් හතුරුසිංහ ඔහුට සිදූවූ අසාධාරණයට ඔහුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමේදී එවකට පරිපාලනයේ සිටි සියලුම විධායක කමිටු සාමාජිකයන්ට අලුතින් නඩුවක් පැවරීමට තීරණය කර ඇති බව පැවසේ.