ගාලු යුදෙව්වන් සමඟ අවසන් සටනට එන්නේ – යාපනයෙන්ද දඹුල්ලෙන්ද තීරණය හෙටයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ලකුණු සටහනේ ඉහළින්ම සිටි කණ්ඩායම් දෙක අතර ඊයේ (19දා)
සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී ජැෆ්නා කිංස් කණ්ඩායම ලකුණු 64කින් පරාජයට පත්කළ
ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට ඊයේ (19දා) සමත් විය.
තවද අවසන් තරගයට පෙර සුදුසුකම් ලබාගැනීමේ වටයේ තරගයක් ලෙස ඊයේ එහිදී පැවැති අනෙක්
තරගයේදී දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම හමුවේ කඩුලු 6ක පරාජයක් ලැබීම හේතුවෙන් කලම්බු ස්ටාර්ස්
කණ්ඩායමට තරගාවලියේ ඉදිරියට යාමට තිබූ බලාපොරොත්තු අත්හැර ගැනීමටද සිදුවිය.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට කාසියේ වාසිය පරාජය වීම නිසා පළමුව පන්දුවට පහර දීමට සිදුවුවත්
නියමිත පන්දුවාර 20 අවාසනයේ ඔවුන් කඩුලු 5ක් දැවි රැස්කළ ලකුණු 188ක ඉලක්කය පසුකර යන්නට
ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට නොහැකි වූයේ වේග පන්දුයවන්නෙකු වන නුවන් තුෂාර ලකුණු 13කට කඩුලු
5ක් දවාගනිමින් කළ දස්කම් ප්‍රධාන වශයෙන් බලපෑ නිසාය.
තවද ගෝල් පිල වෙනුවෙන් කුසල් මෙන්ඩිස් (පන්දු 53කදී ලකුණු 85ක්) සහ ධනුෂ්ක ගුණතිලක (ලකුණු
55ක්) අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 121ක සබඳතාවක් ගොඩනැඟීම නිසාද එම ජයග්‍රහණයට
මාවත හෙළි විය. එම වාර්තා ගත සබඳතාවට අමතරව ගෝල් නායක භානුක රාජපක්ෂ පන්දු 15කින් ලකුණු
25ක් ලබා මෙම තරගයේදීත්කැපී පෙනුනි.පන්දු යැවීමේදී ජැෆ්නා පිලේ වහාබ් රියාස් සහ නායක තිසර
පෙරේරා කඩුලු දෙක බැගින් දවාගත්හ.
ජැෆ්නා කිංස් කණ්ඩායම ලකුණු 189ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසියද ඔවුන්ට පන්දුවාර
16යි පන්දු 5ක් කදී සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 124ක් පමණි. එහිදී රහ්මානුල්ලා
ගුර්බාස් ලකුණු 59ක් සහ වනිඳු හසරංග ලකුණු 29ක් ලෙස පමණක් පිතිකරුවන් ලෙස සාර්ථක වූහ.

කලම්බු ස්ටාර්ස් සහ දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් අතර තරගයේදී කාසියේ වාසිය දිනු කලම්බු ස්ටාර්ස්
කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළත් ඔවුන්ට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී
රැස්කළේ ලකුණු සංඛ්‍යාව 145ක් පමණි. නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 34කදී නොදැවී ලකුණු 50ක් රැස්
කරමින් කලම්බු පිල යම් තරගකාරී ලකුණු සංඛ්‍යාවක් දක්වා කැඳවාගෙන පැමිණීමට සමත්වු අතර පැතුම්
නිස්සංක ලකුණු 42ක් ලබා කළම්බු පිලට දායක විය.
පන්දු යැවීමේදී ඉම්රාන් තහීර් සහ නුවන් ප්‍රදීප් කඩුලු දෙක බැගින් දවා ගත් අතර ලකුණු 146ක ජයග්‍රාහී
ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල පළමු පන්දුවෙන්ම
දවාගැනීමට දුෂ්මන්ත චමීර සමත්විය.

නමුත් එම උත්සාහය කළම්බු පිලට පරාජයෙන් ගැලැවීමට ප්‍රමාණවත් නොවූ අතර ඔවුන් පන්දුවාර 18යි
පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දැවි දඹුල්ල ජයන්ට්ස්ලා ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියේය. ඊට බෙහෙවින්ම
පාදක වූයේ ජනිත් ලියනගේ නොදැවී රැස්කළ ලකුණු 56යි.

කෙසේ වෙතත් දඹුල්ල ජයන්ට්ස් පිලට ලබන බ්‍රහස්පතින්දා (23දා) අවසන් මහා තරගයේදී ගාල්ල
කණ්ඩායම හමුවීමට අවස්ථාව දෙනවාද නැද්ද තීරණය කරන්නේ ජැෆ්නා කණ්ඩායමයි. ඒ හෙට සූරියවැවදී
පැවැත්වෙන ජැෆ්නා කිංස් හා දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම් අතර අවසන් පූර්ව තරගයේදීය.