එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලිය – 2021 ගෝල් ග්ලැඩියේටර්ස් පෙරමුණේ.

ගෝල් ග්ලැඩියේටර්ස් (Galle Gladiators) කණ්ඩායම ප්‍රසාද ලකුණු 4 ක් ලබාගනිමින් මෙවර ලංකා
ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ (එල්පීඑල්) ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්වී
තිබෙනඅතරඔවුන් දැනට රඳවා ගෙනඇති ශුද්ධ ලකුණු වේගය +0.762 ක්.

ප්‍රසාද ලකුණු 4 ක් සමඟ ශුද්ධ ලකුණු වේගය +0.540 ක් රඳවාගෙන සිටින පසුගිය වසරේ ශූරයන් වූ
ජැෆ්නා කිංස් (Jaffna Kings) කණ්ඩායමට ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමිව ඇත. 3 වැනි
ස්ථානයට පත්ව සිටින්නේ දඹුල්ල ජයන්ට්ස් (Dambulla Giants) කණ්ඩායමයි. ඔවුන්ගේ නම
ඉදිරියේ ප්‍රසාද ලකුණු 4 ක් සටහන් වන්නේ ශුද්ධ ලකුණු වේගය -0.531 ක් සමඟයි.

මෙවර ලකුණු සටහනේ 4 වන ස්ථානයේ රැඳී සිටින්නේ ප්‍රසාද ලකුණු 2 ක් ලබා සිටින කළම්බු ස්ටාර්ස්
(Colombo Stars) කණ්ඩායමයි. ඔවුන්ගේ ශුද්ධ ලකුණු වේගය +0.065ක්.

තරග 3කටසහභාගී වී තවම කිසිඳු ජයක් වාර්තා කිරීමට සමත්වී නැති කැන්ඩි වොරියර්ස් (Kandy
Warriors) කණ්ඩායමේ ශුද්ධ ලකුණු වේගය -0.823කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා විසින් යාපනය කිංග්ස් කණ්ඩායම
මෙහෙයවනු ලබන අතර, තිළිණ කණ්ඩම්බි යාපනය කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස
කටයුතු කරනු ඇත.
වත්මන් ශ්‍රී ලංකා විස්සයි20 නායක දසුන් ශානක දඹුල්ල ජයන්ට්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරන
අතර පළපුරුදු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.
ගාලු ග්ලැඩියේටර්ස් පිල මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු භානුක රාජපක්ෂ විසිනි.
පකිස්ථානයේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක උමාර් ගුල් ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා.

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ නායකත්වය දරණ අතර
කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක රුවන්
කල්පගේ මහතා කටයුතු කරයි.
ඇන්ජලෝ පෙරේරා මහනුවර වොරියර්ස් කණ්ඩායමට නායකත්වය දෙන අතර හිටපු සිම්බාබ්වේ
ප්‍රධාන පුහුණුකරු සහ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ලාල්චන්ද් රාජ්පුත් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.