ප්‍රියන්ත කුමාරට සාධාරණය ඉටුකරන ලෙස අස්ගිරි මහනාහිමිගෙන් පාකිස්තානු අගමැතිට ලිපියක්.

පසුගිය දා පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන්
සාධාරණය ඉටුකරන ලෙස දන්වමින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී
ඥානරතන නාහිමියන් පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ලිපියක් යොමුකර තිබේ.

මෙම සිදුවීම පාකිස්තානය ලැජ්ජාවට පත් කළ කරුණක් බවත් එම ම්ලේච්ඡ ක්‍රියාව හමුවේ
අග්‍රාමාත්‍යවරයා කඩිනමින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදීමට පත්වූ බවත් එම ලිපියේ
සඳහන් තවද එමගින් පාකිස්තානු නායකත්වයේ ස්වාධීනත්වය පෙන්නුම් කළ බවද එම ලිපිය මඟින්
මහා නායක හිමියන් වැඩිදුරටත් පෙන්වාදී ඇත..

තවද මීට අදාළ වරදකරුවන් නීතිය හමුවට රැගෙනවිත් වින්දිතයාට යුක්තිය ඉටුකිරීම දෙරටේ
දීර්ඝකාලීන මිත්‍රත්වය සහතික කරගැනීමක් බවද එම නිවේදනය මඟින් අවධාරණය කොට තිබෙනවා.

පසුගිය දා පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා වෙනුවෙන්
ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් එකතු කිරීමට සියල්කොට් නගරයේ ව්‍යාපාරික ප්‍රජාව කටයුතු
කර තිබෙන බවත් ප්‍රියන්ත ලබා ගත් මාසික වැටුප ඒ අයුරින්ම ඔහුගේ පවුලේ සාමාජිකයින් සඳහා
නොනවත්වා ලබාදීමට තීරණය කර ඇති බවත් පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා ප්‍රකාශ
කළා.