ඉන්ධන ඉහළ දැම්මාට ගම්මන්පිලට ගෙදර යන්න කියයි

ජනතාව දුෂ්කරතාවකට මුහුණ දී සිටින අවස්ථාවක ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධව අදාළ විෂය භාර අමාත්‍යවරයා වන උදය ගම්මන්පිලට සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි චෝදනා කර තිබේ.
පොදුජන පෙරමුණේ ප‍්‍රධාන ලේකම්වරයා විසින් මෙම ඉල්ලා අස්වීම කරන ලෙසට ගම්මන්පිල අමාත්‍යවරයාට දන්වා තිබේ අදාළ චෝදනාව සම්බන්ධයෙන් ගම්මන්පිල මහතා අදහස් දැක්වීමට මේ වන විට සූදානමින් පවතින බවද වාර්තා වේ.
ඉන්ධන මිල ඉහළ දමා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මුදල් ඇමැති මෙන්ම අග‍්‍රාමාතය මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම මත බවද බලකශක්ති අමාත්‍යාංශයේ නියෝජිතයකු සදහන් කර සිටියි නිසි ක‍්‍රියාවලියකට යටත්ව ඉන්ධන මිල ඉහළ දැමු බව උදය ගම්මන්පිල පවසයි.