ගෑස් අත්හිටුවයි

ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට අවශ්‍ය දුගඳ නියමිත ප‍්‍රමතීන්ට නොතිබීම හේතුවෙන් දිවයින පුරා ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම හා අලෙවිය වහාම අත්හිටුවන ලෙස උපදෙස් දෙන ලදැයි පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා කීය.

ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට යොදන එතිල් මර්කැප්ටන් රසායනිකය ප‍්‍රමිතියට අනුව යෙදීමෙන් පසු නැවත වෙළෙඳපොළට ගෑස් නිකුත් කෙරෙන බවත්, ඒ සඳහා දින දෙක තුනක් ගතවනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

දුගඳ හඳුනාගැනීමට යොදන රසායනික ඒකක 14 ක් ගෑස් සිලින්ඩරයක අඩංගු විය යුතු වුවත් දැනට ඇත්තේ ඒකක 5 ක් පමණි.

මේ හේතුවෙන් ගෑස් කාන්දුවක් හඳුනාගැනීමට නොහැකි බවට ලැබුණු පැමිණිලි අනුව ඇමැතිවරයා මෙම පියවර ගෙන තිබේ.