කාමය ගිණිගත් උදයකාන්තයන්ගේ ගිණිමල් පොකුර කරළියට

උදයකාන්ත වර්ණසුරිය යනු මෙරට චිත්‍ර පට වංස කතාවේ සුපිරි අධ්‍යක්ෂකවරයෙකි. කෝවිඩ් වසංගතය හමුවේ මළාණිකව තිබූ සිනම කර්මාන්තයට නව පණක් එක් කිරීම වෙනුවෙන් ඔහු කාමුක දර්ශන ඇතුළත් චිත්‍රපටයක් නිර්මාණය කරමින් පසුගියදා තිරගත කළේය. එම චිත්‍රපටය ගිණිමල් පොකුර නමින් දැන් දිවයින පුරා සිනමා ශාලාවල ප්‍රදර්ශණය වේ.
කෙසේ වෙතත් කාමුක දර්ශන රැගත් චිත්‍රපටයේ හරය කුමක්ද යන්න උදයකාන්ත මහතා මාධ්‍ය හමුවේ පවසා සිටියේ මෙවැනි අදසකි.
කොරෝනාවත් එක්ක අපේ චිත්‍රපට කර්මාන්තය බිඳ වැටුණා. ඒ නිසා නව පණක් එක් කිරීමට තමයි මෙවැනි නිර්මාණයක් කළේ. සාමාන්‍ය අන්දමේ චිත්‍රපටයක් නිර්මාණය කරලා මේ වගේ කාලයක ප්‍රේක්ෂකයාව සිනමා ශාලාවට ගෙන්වා ගැනීම අපහසුයි. ලිංගිකත්වය කියන්නෙ අපගේ ජීවිතය හා බැඳුනු සාමාන්‍ය දෙයක්. එය චිත්‍රපටයකින් හෝ වෙනත් ආකාරයකට දකින්න ලැබීම එක එක්කෙනාගෙ රුචිකත්වය අනූව තීරණය වෙනවා.
කොහොම වුණත් මේ චිත්‍රපටයේ තියෙන සරාගී සිද්ධි සියලු දේ සත්‍ය සිදුවීමක් මත පදනම් වූ නිර්මාණයක්. යැයි උදයකාන්තා වරණසුරිය මහතා පවසා සිටියේය.