සහල් මිල පාලනයට ගැසට් නිවේදනයක්

සහල් මිල පාලනය සදහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට වෙළෙද අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ඊයේ (04 වැනිදා) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු – රතු වාෂ්පයෙන් තම්බන ලද (සුදුරු සම්බා) කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු, 94ක් ලෙස නියම කොට ඇති අතර එමෙන්ම සුදු – රතු කැකුළු සම්බා කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු, 94ක් ලෙස නියම කර තිබේ.
සුදු – රතු නාඩු – වාෂ්පයෙන් තම්බන ලද කිලෝග්‍රෑම් 01ක උපරිම සිල්ලර මිල රු, 92ක් වේ. ඊට අමතරව සුදු -රතු කැකුළු හාල් කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රු, 89ක්, වේ. මෙම මිල ගණන් ඊයේ (04 වැනිදා) සිට බලපැවැත්වෙනු ලැබේ.