මෙවර මැතිවරණයේදී දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහට

මෙවර මහ මැතිවරණයේදී දිගම ඡන්ද පත්‍රිකාව ගම්පහ දිස්ත්‍රික්කය සඳහා මුද්‍රණය වන බව මැතිවරණ කොමිසම පවසයි. ඒ අනුව ගම්පහ ඡන්ද පත්‍රිකාව දිග අඟල් 21ක් හා පළල අඟල් 4.5ක් වෙයි.
මීට අමතරව වර්ග ප්‍රමාණයෙන් වැඩිම ඡන්ද පත්‍රිකාව අම්පාර දිස්ත්‍රික්කය සඳහා මුද්‍රණය වන එහි දිග අඟල් 19 ක් හා පළල අඟල් 16.5ක් වේ