කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් 30ක් නිරෝධායනයට

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් 30 දෙනකු නිරෝධායනය කිරීම සඳහා යොමුකර තිබේ.
මෙසේ නිරෝධායනයට යොමුකර ඇත්තේ පසුගියදා කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විරෝධතාව මැඩපැවැත්වීම සඳහා රාජකාරියේ යෙදුන කොල්ලුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසකි.
අදාළ නිලධාරීන් පිරිස පොලිසිය විසින් පවත්වනු ලබන අත්තිඩිය නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර තිබේ.