ශ්‍රී ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද සංගමයේ සභාපතිවරයා ඝාතනය කෙරේ

ඊයේ (10 වැනිදා) සවස මිරිහාන ප්‍රදේශයේදී සිදු වූ පහරදීමකින් ශ්‍රී ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනයට ලක්වී තිබේ.
ලීසිං සමාගමක් සමගින් ඇතිවූ ආරවුලක් සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුවී ඇති අතර අදාළ පහරදීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.