ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය මරණය..

කළු ජාතික අමෙරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සිදු වූයේ ඔහු කළු ජාතිකයකු වීම අපරාධයක් යැයි සිතන සමාජයක් තිබීම නිසා යැයි ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් නුවර පල්ලියේදී ඔහුගේ අවමංගල්‍ය උත්සවය පැවැති අවස්ථාවේ ශෝකය පළ කළ කථිකයෝ කීහ. අවමංගල්‍ය රථයක පටවාගත් ෆ්ලොයිඩ්ගේ සිරුර පෙරහරින් හූස්ටන් අනුස්මරණ උද්‍යානය වෙත රැගෙන විත් ඔහුගේ මවගේ සිරුර අසල තැන්පත කෙරිණි.

මේ අවස්ථාවේ කතා කළ ෆ්ලොයිඩ්ගේ ඥාති දියණියක වන බෘෘක් විලියම් ප්‍රකාශ කළේ කළු ජාතිකයන්ට අසාධාරණයක් සිදු වන ලෙස සකසා ඇති නීති වෙනස් විය යුතු බවයි.

ර්‍මේ සමාජ ක්‍රමය දූෂිත වී කැඩී බිඳී පවතින්නේ ඇයි? නීතිය සකසා ඇත්තේ අප්‍රිකානු – අමෙරිකානු සමාජ ක්‍රමය බිඳදැමීම සඳහායි. මේ නීති වෙනස් විය යුතුයි. තවත් මෙවැනි අපරාධ සිදු නොවිය යුතුයි. අමෙරිකාව විශිෂ්ට රටක් කිරීමට කරුණාකර පියවර යොදන්න. අමෙරිකාව විශිෂ්ටත්වයට පත් වන්නේ කවදාද? ඇය අවමංගල්‍ය උත්සවයේ කතාවක් පවත්වමින් කීවාය. ඩිමොක්‍රටික් ජනාධිපති ධූර අපේක්ෂක ජෝ බිඩන් මේ අවස්ථාවේ දී වීඩියෝ පණිවිඩයක් එවමින් අවමංගල්‍ය උත්සවය ඇමතීය. ර්‍ජෝර්ජ් ෆ්ලොයිඩ්ට යුක්තිය ඉටු කරන්නේ කෙසේ දැයි අප විමසිලිමත් වෙනවා. අප සැබැවින්ම අමෙරිකාවේ වාර්ගික යුක්තිය ඉටු කිරීමට කැප වෙනව. ර්‍බිඩන් මේ අවස්ථාවේදී කීවේය.