මංගල අපේක්ෂක ලැයිස්තුව කඩා කප්පල් කළා – වජිර අබේවර්ධන කියයි

මුදල් හා ජනමාධ්‍ය හිටපු ඇමැති මංගල සමරවීර මහතා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත්වීමේ දේශපාලන ක්‍රියාදාමය නිසා සමඟි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බව ද දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් වූ බව ද හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මංගල සමරවීර මහතා අපේක්ෂකත්වයෙන් ඉවත් කර ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමඟි ජන බලවේගයේ නායකයන් දැන සිටියේ නැතැයි ද ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත දැක ගැනීමට හැකි වනු ඇතැයි ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.