ඔමික්‍රෝන් ආක්‍රමණයට රටම ලෑස්ති වන්න

කෝවිඩ් වසංගතයෙන් පසුව රට තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්ක්‍රෝන් ප්‍රභේදය අතුගා දැමීමට රටම එකට එක්වන ලෙස ‘www.srilankantimes.com’ අප මාධ්‍ය ආයතනය සියලුම රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි. ඊට ප්‍රධාන හේතුව අප විසින් කළ සොයා බැලීම්වලදී ඇන්ටිජන් පරීක්ෂාව කරන 90% ක් පමණ ආසාධිතයන් බවට මේ වන විට මතුගම කළුතර කොළඹ ආදී තැන් කිහිපයකින් හඳාුනාගෙන තිබේ.
කෙසේ වෙතත් ඒ හඳුනා ගත් ආසාධිතයන්ට වැළඳී ඇත්තේ කෝවිඩ්ද නැතහොත් ඔමික්ක්‍රොන්ද යන්න බෙදා වෙන් නොකරද සෞඛ්‍ය අංශ පවසන්නේ මේ වන විට ඔමික්ක්‍රෝන් රැල්ල වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවයි. ඒ අනූව ඔමික්‍රෝන් නව ප්‍රභේද දෙකක් අප රට තුළට ඇතුල් වී ඇති බව ආසත්මිකතා ප්‍රතිශක්ති විද්‍යාව හා ශෛල ජෛව විද්‍යා පිළිබඳ විද්‍යායතනයද සඳහන් කර සිටියි.
පසුගියදා කළ සමීක්ෂණයකදී සාම්පල 78කින් 75 ක්ම ඔමික්‍රෝන් බවට හඳුනාගෙන ඇති බව ශෛල ජෛව විද්‍යා විද්‍යායතනයේ වෛද්‍ය ජීවන්දර මහතා මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියි. එම සියලුම සාම්පල පසුගිය දින කිහිපයේදී ලබාගත් ඒවා වීමද විශේෂත්වයකි.
කෝවිඩ්වලින් නන්නත්තාර වූ මෙරට ආර්ථිකය යළිත් ඔමික්ක්‍රෝන් රැල්ලකට හසුනොවී ජනතාව සුරක්ෂිතව සිටීමට අප සියලු දෙනාට මතක් කර සිටින්නේ එහි අවධානම සම්බන්ධයෙන් නොයෙක් විශේෂඥ වෛද්‍යවරුන් පවසන අදහස් සලකා බලමිනි සංචාරක කර්මාන්තය යළිත් ආරම්භ වෙමින් ලක්ෂයකට අධික සංචාරක පිරිසක් මෙම මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර ඩොලර් ප්‍රශ්නය අතුගා දමා ජනතාව දෙපයින් සිට ගැනීමට ඔමික්ක්‍රෝන් බාධාවක් නොකර ගත යුතුය. එසේනම් නියමිත සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම පිළිපඳිමින් අනවශ්‍ය ගැවසීම් අඩු කරමින් ප්‍රවේශම් වුවහොත් රටක් ජාතියක් හැටියට අපට නැගී සිටීමට හැකි බව අප තේරුම් ගත යුතුය. වගකිව යුතු මාධ්‍ය වාර්තාකරණයක නියැලෙන අප ඔබට මෙවැනි ඉල්ලීමක් කරන්නේ ජනතාව වන අපට ඇත්තේ අප අත පමණක් බැවිනි. දේශපාලන බලාපොරොත්තුවලට මුලා නොවී තම තමන්ගේ ආරක්ෂාව තමන්ම සපයා ගන්නේ නම් මැනවි.