උදයකාන්ත වර්ණසුරියගේ ගිනිමල් පොකුරේ සරාගී දර්ශන බොහොමයක් ඇතුළත් බැවින් එය මේ දිනවල වැඩි වශයෙන් මාර්තෘකාවට බඳුන්ව තිබේ. කෝවිඩ් වසංගතයෙන් පසුව ප්‍රේක්ෂකයා යළිත් සිනමා ශාලාවට ගෙන්වා ගැනීම අරමුණු කරගෙන නිර්මාණය වු කුකුස දනවන චිත්‍රපටයේ චුලක්ෂිගේ චරිතය කොහොමද. මේ ඇය ඒ ගැන කියන කතාවයි.
ගිනිමල් පොකුරු චිත‍්‍රපටය තිරගත වීම ගැන මොකද හිතෙන්නේ?
ගෝලීය වසංගතයත් සමග සිනමා කර්මාන්තය ඛේදනීය තත්ත්වයකට වැටිලයි තියෙන්නේ. ඒක තවමත් පහවී ගොස් නැහැනේ. මේ කාලේ ඉතිං කාටත් ඇහෙන්නේ සිනමාව කඩා වැටිලා කියන වචනය විතරයි. මේ වගේ කාලයක මේ චිත‍්‍රපටය තිරගත වෙලා පේ‍්‍රක්‍ෂකාගාර වෙත පේ‍්‍රක්‍ෂකයෝ නැවත ඇදී එනව බලන්න වගේම පේ‍්‍රක්‍ෂකයෝ ඇඳ බැඳ තබා ගැනීමට හැකිවන අන්දමට නිර්මාණයක් වෙලා සමාජ ගත වෙනවානම් කැමතියි.
ගිනිමල් පොකුරුහි ඔබේ චරිතය ගැන කතා කළොත්?
මම රඟපාන්නේ පියුමි කියන පෙම්වතිය ගේ චරිතය. ඇය විවාහ කර ගැනීමට යෝජිත පෙම්වතා මුහුණ දුන්නා වූ යම්කිසි අනතුරකින් ඔහු වටා ඇති වෙන්න තියෙන ප‍්‍රශ්නවලින් ඇය ඔහුව බේරා ගන්න යෑමෙන් ඇයට ඇති වෙන්නා වූ අත්දැකීම් වටා ගෙතුණු කතාවක්. ඇත්තටම මෙය සත්‍ය සිදුවීම් කිහිපයක් තුළින් නිර්මාණය කරගත් කතාවක්. පියුමි කියන්නේ ඇත්තටම අහිංසක චරිතයක්.
අධ්‍යක්‍ෂවරයා ඔබේ රංගනය ගැන මොකද කිව්වේ?
ඔහු මගේ අතට පිටපත ලබාදෙන කොටත් කිව්වේ චුලක්‍ෂි මේක අභියෝගයක්. මේක ඇත්තටම බහුභාර්යා දෙක නොමෙයි මේක ඇත්තටම වෙනමම පිටපතක්. අධ්‍යක්‍ෂවරයා මාත් සමග වෙනත් චිත‍්‍රපටයක් කතා බහ කරලා තියෙද්දී තමයි මේ චිත‍්‍රපටය කරන්න ආරාධනා කළේ. සමහර වෙලාවට අපේ රටේ රංගන ශිල්පිනියක් මේ වගේ චිත‍්‍රපටයක රඟපෑවාහම ඒ කවුරුහරි එකකට සීමා කරනවා. අධ්‍යක්‍ෂවරයා කිව්වේ ඔහු බලාපොරොත්තු වුණාටත් වඩා එහාට ගිය රංගනයක් මා ඉදිරිපත් කළා කියලයි.
මෙහි තිබෙන දර්ශන ගැන ගොඩක් දෙනෙක් කතාබහ වෙනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන කතා වෙනවා කියන එක තුළ මම දකින්නේ හොඳට කළා කියන දේ. නරකට කළානම් ඒ ගැන විචාරය කරන්නත් පේ‍්‍රක්‍ෂකයන්ට ඕනෑ තරම් අවස්ථාව තියෙනවා. ඇත්තටම මේක දැකල කසුකුසුව යනවා කියන්නේ කොහොම හරි කමක් නෑ පේ‍්‍රක්‍ෂකයෝ අතරට ගොස් සිනමා ශාලාවට පේ‍්‍රක්‍ෂකයන් ඇඳ බැඳ ගැනීම තමයි අපේ පරමාර්ථය වෙන්නේ.
පිටපත අතට ලැබුණ ගමන් හිතුනේ නැතිද
ඔබේ චරිතයට මේ නිර්මාණය හානියක් වේවි කියලා?
තිබ්බා. ඒ අභියෝගය මගේ හිත තුළ තිබුණා. මම පිටපත අතට අරගෙන උදය අයියේ මම කියන්නම් මට පොඩි දවසක් දෙන්න කියලා. මම කියන්නේ මේ චිත‍්‍රපටය විතරක් නෙමෙයි මම රඟපෑ තව චිත‍්‍රපට රාශියක් තියෙනවා. මම සමහර නිෂ්පාදනවල සන්නාම තානාපතිනිය විදිහටත් වැඩ කරනවා. ඒ වායෙන් මට ප‍්‍රශ්නයක් ඒවිද කියල හිතුන වාර තිබුණා. මම ඉන්න තැන සහ මම ඉන්නේ මොන විදිහටද කියලා අවබෝධයක් තියෙන කෙනෙකුට මේ ගැන මාධ්‍යයෙන්වත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මගේ උත්සාහය විවිධ වූ චරිත ඔස්සේ රංගන ශිල්පිනියක් විදිහට චරිතාංග නිළියක් වෙන්න. ඉතිං ඒක තුළ ගත් එක උත්සාහයක් තමයි ගිනිමල් පොකුරු කියන්නේ.
ගිනිමල් පොකුරුවලට ඔබ දායක වුණේ රිදී තිරයට සාධාරණයක් ඉෂ්ට කරන්න?
ඔව් ඇත්තටම.
චිත‍්‍රපටයේ සමහර දර්ශන සමාජ මාධ්‍ය හරහා දිගට හරහට සංසරණය වුණා. ඒ ගැන කලකිරීමක් නැතිද?
ඇත්තටම ඒ ගැන කලකිරීමක් නැතිව නෙමෙයි. මේක රිලීස්වීමකට වැඩිය මට තියෙන කලකිරීම ඊට යටින් සඳහන් කරන කමෙන්ට් ගැනයි සමාජ මාධ්‍ය ඔස්සේ මිනිස්සුන්ට පුළුවන් කියන්නේ අදහස් නිදහසේ පාවිච්චි කරන්න. නමුත් තව කෙනෙකු ගේ ආත්මගරුත්වයට හානි කීරීමට තවත් කෙනකුට අයිතියක් නැහැ. මිනිස්සු ඒක පාවිච්චි කරන්න දැන ගන්න ඕන වගේම වග කියන්නත් ඕනෑ. එක එක මිනිස්සුන් ගේ අධ්‍යාපන මට්ටම වෙනස්. එහෙම කරන පුද්ගලයෙක් ගැන කලකිරීමකට යනවාට වැඩිය ඔහුගේ අධ්‍යාපන මට්ටම ගැන හිතලා තව කෙනෙකුගේ වෘත්තිය හඳුනා ගැනීමේ නොහැකිවීම ගැන හිතලා හරි අපේක්‍ෂාවෙන් ඒ ප‍්‍රශ්නය දිහා බලනවා ඒ ගැන ලොකුවට හිතන්නේ නැහැ.
මේ වගේ ප‍්‍රශ්න හින්දා අපේ රටේ නළු නිළියෝ නිර්මාණ භාර ගැනීමත් ප‍්‍රතික්‍ෂේප කරනවා නේද?
අපේ රටේ හොඳ පිටපත් තියෙනවා. හොඳ අධ්‍යක්‍ෂවරු ඉන්නවා. අන්තර් ජාතික මට්ටමට අපේ කලා කෘතීන් කරගෙන යෑමට හැකියාව තියෙනවා. ඒ තරමට අධ්‍යක්‍ෂවරුන්ගේ නිර්මාණ තියෙනවා. නමුත් අපි ඉන්නේ එක රාමුවක. අපි රාමුවක් ඇඳගෙන ඉන්නේ. මේ රාමුව ක්‍රොස් කරන්න ගොඩක් කට්ටිය බයයි. ඒ අභියෝගයට මුහුණ දෙන්න බයයි. මොන විදිහට සමාජගත වෙයිද කියන ප‍්‍රශ්නය තියෙනවා. අපි කරන වැඩක් මිනිස්සු බලාපොරොත්තු වුණ මට්ටමකට යන්න බැරි වුණොත් මිනිස්සු ඒ ගැන කියන්න තියෙන වැරදි ටික විවේචන ටික ගැන කියනවා. උත්සාහයන් ගැන සඳහන් කරන්නේවත් නැහැ. ඒක අපේ රටේ තියෙන අඩුපාඩුවක්. අපේ රටේ ගොඩක් මිනිස්සු තව කෙනෙකුට අත්පුඩියක් ගහන්න පුරුදුවෙලා නැහැ. ගල් ගහන්න තමයි පුරුදුවෙලා තියෙන්නේ.
උපුටා ගැනීම – මීවිත