චීනයේ පොහොර නැවට රජයෙන් ඩොලර් නැවක්….

මාස කිහිපයක් පුරා ඔඩු දුවමින් තිබෙන චීන පොහොර නැව මෙරටට ගොඩ බෑමට කිසිසේත් නොමැති වීමෙන් ඩොලර් මිලියන 6 කට වැඩි මුදලක් ඔවුන්ට ගෙවා දැමීමට රජයේ අවධානය යොමුව ඇති බව විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මාධ්‍ය හමුවේ අමාත්‍යවරයා පවසන පරිදි කැබිනට් අනුමැතියක්ද ඉදිරියේ ලබා ගනිමින් පොහොර තොගයේ වටිනාකමින් 75% ක් ගෙවා දමා ප්‍රශ්නය සමතයකට පත්කරන බවද සඳහන් කර සිටියි. පොහොර නැව හේතුවෙන් රාජතාන්ත්‍රික ගැටලුවක් මතු කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවද හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය.
ශ්‍රී ලංකාවේ වගාවට නුසුදුසු පොහොර තොගයක් වෙනුවෙන් ඩොලර් හිග කාලයක මෙසේ ගෙවා දැමීම මෙරට ආර්ථිකයට තවත් අකුල් පහරක් වුවද චීන රජය එම නැව සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටීමෙන් අදාළ මුදල ගෙවා දැමීමට සිදුවන බව ආරංචි මාර්ග වලින් වැඩිදුරටත් වාර්තා වේ.