ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයක් – ආසන 145 ක් දිනා ගනී

9 වැනි පාර්ලිමේන්තුවට සභිකයන් 225 ක් තෝරා ගැනීම වෙනුවෙන් පැවති මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත්ව තිබේ. මේ අනුව සමස්ත ප්‍රතිඵලවලට අනුව ආසන 145 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනා ගන්නා ලදී. සමගි ජනබලවේගයට ආසන 54 ක් ද, ජාතික ජනබලවේගයට ආසන 3 ක් ද, ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්‍ෂයට ආසන 10 ක් ද සහ වෙනත් පක්‍ෂ ආසන 11 ක් ද වශයෙන් ආසන දිනාගෙන තිබේ. සමස්ත ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද හැටඅට ලක්‍ෂ පනස්තුන් දහස් හයසිය අනූතුනක් ද (59.09%), සමගි ජනබලවේගය විසිහත් ලක්‍ෂ හැත්තෑඑක්දහස් නවසිය අසූහතරක් ද (23.90%), ජාතික ජනබලවේගය ඡන්ද හාරලක්‍ෂ හතළිස්පන්දහස් නවසිය පනස් අටක් ද (3.84%), එක්සත් ජාතික පක්‍ෂය ඡන්ද දෙලක්‍ෂ හතළිස් නවදහස් හාරසිය තිස්පහක් ද (2.15%) වශයෙන් ඡන්ද ලබාගෙන ඇත.