ගුරුවරයකු කෝටි තුනක මුදලක් ගෙන පලා ගොස්

රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා සහගත ලබා ගෙන පලා ගොස් සැඟව සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හොරණ නගරයට ආසන්න රජයේ විදුහලක දෙමළ මාධ්‍ය ඉගැන්වූ ගුරුවරයෙක් බව පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ වංචාවට අසූ වු පුද්ගලයන් තිස් පස් දෙනෙකුට අධික ප්‍රමාණයක් හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශයට අමතරව හොරණ පොලිසියට ද පැමිණිලි කර ඇතැයි පොලිස් නිලධාරියෙකු කීය.