වෛද්‍යවරුන් නොමැති කමින් හෙම්මාතගම රෝහල සතියකට පැය 16ක් වැසේ.

වෛද්‍යවරුන් නොමැති කමින් මාවනැල්ල – හෙම්මාතගම රජයේ රෝහල ලබන 25 වැනිදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පස්වරු 4 සිට උදෑසන 8 දක්වා ප්‍රතාකාර නොකර වසා දැමීමට තීරණය කර ඇති බවට වාර්තා වේ. ඒ අනුව එම වේලාවන් තුලදී රෝහලට පැමිණෙන රෝගීන් වෙනත් රෝහල් වෙත යොමු කිරීමට පියවර ගන්නා බවට බලධාරීන් කියා සිටී.