රෝහල් කනිෂ්ඨ කර්ය මණ්ඩල වර්ජනය අවසන්

සෞඛ්‍ය සේවාවට අයත් වෘත්තීන් 14ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අවසන් කර තිබේ. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමග සිදුකළ සාකච්ඡවකින් අනතුරුවයි. මෙම වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද (06දා) මුළුමනින්ම අඩාල වී තිබිණි.

ඉල්ලීම් ගණනාවක් මුල්කර ගනිමින් හා හෙද සේවයට සමාන්තර අනෙකුත් සේවාවන් නොසලකා හැරීම හේතුවෙන් එම සෞඛ්‍ය වෘත්තිකයින් හා සෞඛ්‍ය සේවකයෝ වර්ජනයේ නිරත වූහ.

ඔවුන්ගේ වැඩවර්ජනය නිසා රටපුරා රෝහල්වල බාහිර රෝගීන්ට ඖෂධ නිකුත් කිරීම, පී.සී.ආර්.  සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීම, එම්.ආර්. ස්කෑන්, සිදු කිරීම ආදී සේවාවන් කිසිවක් සිදු නොවූ බව ද වාර්තා වේ. මීට අමතරව රෝහල්වල චිකිත්සක සේවාවන්, දත්ත චිකිත්සක කටයුතු ආක්ෂි තාක්ෂණ සේවා මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ සේවාවන් සහ පවුල් සෞඛ්‍ය සේවාවේ කටයුතු ද දවසපුරා ඇනහිට තිබිණි.

මේ අතර කොළඹ ජාතික රෝහල සහ දිවයිනේ ප්‍රධාන රෝහල් ද  පළාත් සභා  රෝහල් හා සෞඛ්‍ය ආයතනවලද රෝගී සත්කාර සේවා අඩාලවීම නිසා බාහිර ප්‍රතිකාර ගැනීමට පැමිණි දහස් ගණන් රෝගීහු දැඩි අපහසුතාවයට පත්ව සිටියහ.