පාරේ කෙළ ගසා අසුවුණොත් කෙළින්ම කූඩුවට

මහාමාර්ගයේදී කෙළ ගසා අසුවන ඕනෑම තැනැත්තකු අත්අඩංගුවට ගැනීමට හැකි වන පරිදි නව නීතියක් සකස් කර ඇති අතර ඒ අනූව එම නීතිය අද (8 දා) සිට ක්‍රියාත්මක වේ
කෝවිඩ් වසංගතය හමුවේ තැනින් තැන කෙළ ගැසීමද වෛරසය ප්‍රචාරය කිරීමක් බැවින් මින් ඉදිරියට එසේ කරන ඔනෑම පුද්ගලයකුට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකිවන පරිදි දඩනීති සංග්‍රහයේ 261 වගන්තිය බල ගන්වා තිබේ
පොලිස් ආරක්ෂණ සහ ජනාධිපති කාර්යාලයීය විශේෂ පැවරුම් හා පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ මහතා මේ සම්බන්ධව පොලිස් පරිසර ඒකකයට උපදෙස් ලබාදී තිබේ අදාළ නීතිය සම්බන්ධයෙන් පළමුව මහජනතාව දැනුවත් කිරීම රාජ්‍ය ආයතන මට්ටමින් සහ වෙනත් ක්‍රම මගින් දැන් සිට ක්‍රියාත්මක වේ