2008 වසරෙන් පසු ඉපදුනා නම් දුම් බොන්නත් බෑ! මිලදී ගන්නත් බෑ!

නවසීලන්තයේ 2008 වසරෙන් පසු ඉපදුනු කිසිවෙකුට, දුම්වැටි (සිගරට්) හෝ දුම්වැටි නිෂ්පාදන හෝ මිලදී ගැනීම තහනම් කිරීමේ නව නීති හදුන්වා දීමට නවසීලන්ත රජය පියවර ගෙන තිබේ. ඒ අනුව එරට වයස අවුරුදු 14ට අඩු කිසිවෙකුට දුම්වැටි හෝ දුම්වැටි නිෂ්පාදනයන් මිලදී ගැනීම තහනම් කිරීමේ නීතිය ලබන 2022 වසරේ සිට ක්‍රියාත්මක වනු ඇත. එම වයස් කාණ්ඩයට දුම්වැටි අලෙවි කිරීමද අලෙවි සමාගම්වලට තහනම් වන බව නවසීලන්ත සෞඛ්‍ය ඇමැතිනී වෛද්‍ය අයේෂා වෙරාල් පවසයි.

එරට තරුණ තරුණියන් දුම්පානයට යොමු වීම වැළැක්වීම සඳහා මෙම නව නීතිය ගෙන එන බවත්, මේ වනවිට සියයට 13ක්ව පවතින නවසීලන්තයේ දුම්පානයට ඇබ්බැහි වී සිටින වැඩිහිටි ජනගහනයේ ප‍්‍රතිශතය වසර 2025 වන විට සියයට 05ක් දක්වා අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරිය වැඩි දුරටත් පවසයි.