විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ගෙන්වීම තාවකාලිකව නතර කරයි

විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වීම අද (14 වැනිදා) සිට තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බව විදේශ සබඳතා පිලිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා කියා සිටී. කන්දකාඩු පුනරුත්තාපන කඳවුරේ කොරෝනා ආසාදිතයින් පොකුරක් හඳුනා ගැනීමත් සමගම නිරෝධායන මධ්‍යස්ථානවල ඉඩකඩ සීමිත වීම මත මෙම තීරණය ගත් බව විදේශ සබඳතා පිලිබඳ ජනාධිපති අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටී.