අසත්‍ය ප්‍රකාශවලට රැවටෙන්න එපා යැයි රජය ජනතාවගෙන් ඉල්ලයි

කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් රට තුළ නැවතත් කොරෝනා ආසාදිතයින් වාර්තාවිමත් සමග රජය විසින් නවතත් දිවයින පුරා ඇඳිරි නීතිය පැණවිමට කටයුතු කරන බවට පැතිර යන ප්‍රකාශ අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. ඒ අනුව
ඇතැම් පාර්ශව විසින් එම අසත්‍ය ප්‍රකාශ අඛණ්ඩව සමාජගත කරමින් සිටින බවට ඇති බවත් රජය විසින් මේ දක්වා නිවාඩු දින ප්‍රකාශයට පත්කිරිමට හෝ ඇඳිරි නීතිය පැණවිම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළේය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.