ප්‍රියන්තගේ ඝාතනයෙන් පසු ඉම්රාන් ඛාන් දැඩි තීන්දුවක් ගනියි – මා කිසිවකු ඉතිරි කරන්නේ නෑ

  • මා ජීවත්ව සිටින තුරු යළිත් මෙවැනි ඝාතන සිද්ධීන් ඇතිවීමට ඉඩ නොතබමි

පාකිස්තාන් තිරිසන් පිරිසක් එක්ව කූර වද හිංසා දෙමින් මරා දැමූ ප්‍රියන්ත කුමාරගේ ඝාතනයෙන් පසුව එවැනි තකතීරු වැඩ කරන කිසිවකුව මින් ඉදිරියේදී ඉතිරි නොකරන බව පාකිස්තාන් අගමැති ඉම්රාන් ඛාන් පවසයි.
මෙතැන් පටන් ආගම භාවිතා කරන මුහම්මද්නබි තුමාණන්ගේ නාමයෙන් මෙවැනි ප්‍රචණ්ඩ කරන කිසිවකු හමු වුවහොත් රජයක් වශයෙන් ඔවුන්ව ඉතිරි කරන්නේ නැහැ යැයි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
”මනුෂ්‍යත්වය සහ යුක්තිය මිනිසුන් සතුන්ගෙන් වෙන්කර හඳාුනා ගත යුතුයි. සමහර පුද්ගලයින්ට අපහාස කිරීම සම්බන්ධයෙන් බොරු චෝදනා එල්ල කර සිරගෙට දමා යුක්තිය කුණු කූඩයට දමනවා. මන්ද කිසිදු නීතිඥයකුට හෝ කිසිදු විනිසුරුවරයෙකුට ඔවුන්ට සහය දැක්වීමට අවශ්‍ය නැති නිසා මෙවැනි ව්‍යාජ යුක්තියක් ලෝකයේ කිසිම මානුෂීය සමාජයක සොයා ගන්න බැහැ.
ප්‍රියන්ත වෙනුවෙන් සියල්කොට් ව්‍යාපාරිකයන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි දෙකක අරමුදලක් පිහිටුවමින් සෑම මසකම ඔහුගේ වැටුප ගෙවීමටද අග්‍රාමාත්‍යවරයාට පොරොන්දු වී තිබේ.
මා ජීවත්ව සිටින තුරු යළිත් මෙවැනි ඝාතන සිද්ධීන් ඇතිවීමට ඉඩ නොතබමි.”