කෝටි ගණනක ගජමුතු 3ක් තිස්සට කොහෙන්ද ?

විශේෂ කාර්ය බලකාය වතුකොළකන්ද කඳවුරේ ස්ථාපිත දකුණු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ
නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්.එම්.කේ. ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන්
කණ්ඩායමක් විසින් විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ
ජයසුන්දර මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ 2021 දෙසැම්බර් 14 දින තිස්සමහාරාමය පොලිස් වසමේ තිස්ස
නගරයේ, ප්‍රධාන වටරවුම අසලදී වැටලීමක් සිදුකර ඇත.
එහිදී නීති විරෝධී ලෙස රුපියල් කෝටි තුනකට වැඩි වටිනාකමකින් යුත් ගජමුතු 3ක් සන්තකයේ
තබාගෙන සිටි කතරගම පාර, තිස්ස ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 45ක පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන
වැඩිදුර විමර්ශන කටයුතු සඳහා යාල වන ජීවී කාර්යාලය වෙත භාරදී ඇත.