ඔමික්‍රෝන් ගමන අපිට පේනවාට වඩා ඉක්මන් – WHO කියයි

ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය දැන් රටවල් 77 ක පැතිරී ඇති අතර අනෙකුත් කොවිඩ්-19 ප්‍රභේදවලට
වඩා නොපෙනෙන වේගයකින් ව්‍යාප්ත වන බැවින් කිසිදු රටක් මෙම ප්‍රභේදයේ ප්‍රභලත්වය අවතක්සේරු
කිරීමකින් කටයුතු නොකළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය
ටෙඩ්‍රොස් අධානම් ඊයේ (අඟහරුවාදා) අනතුරු ඇඟවීය.
කොවිඩ්-19 බූස්ටර එන්නත් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේද වලට එරෙහිව වැදගත් කාර්යභාරයක් ඉටු කළ
හැකි බව ටෙඩ්‍රොස් පිළිගත්තේය. විශේෂයෙන් දරුණු රෝගවලට ගොදුරු විය හැකි අය සඳහා වුවද බූස්ටර්
එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවද ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO)
ප්‍රධානියාගේ අදහසයි.