රොනාල්ඩෝගේ ප්‍රතිමාවකින් ඉන්දියාව කැලඹේ

සුපිරි පාපන්දු ක්‍රීඩක පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ප්‍රතිමාවක් ඉන්දියාවේ ගෝවාහී ඉදිකිරීමට එරෙහිව එරට වැසියෝ විරෝධතා පළ කරති. ඉන්දියාවේ බටහිර වෙරළ තීරයේ ඇති කුඩාම ප්‍රාන්තය වන ගෝවා වසර 450ක පෘතුගීසි පාලනය යටතේ තිබූ අතර 1961දී එම පාලනයෙන් නිදහස් විය.

ඉන්දීය පාපන්දු තරු වන සුනිල් චෙත්‍රිගේ හෝ භයිචුං භූටියාගේ ප්‍රතිමා ඉදි නොකළේ මන්දැයි විරෝධතාකරුවෝ ප්‍රශ්න කරති.

එහෙත් ගෝවාහි විවෘත කරන ලද පෘතුගීසි තරුවගේ ප්‍රතිමාව තරුණ තරුණියන් පාපන්දු ක්‍රීඩාවට ඇති ඇල්ම වැඩි කිරීම සඳහා ඉදි කරන ලද බව ගෝවේ රාජ්‍ය අමාත්‍ය මයිකල් ලෝබෝ මහතා පවසා සිටී.

“අපි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝගේ ප්‍රතිමාව උද්‍යානයේ තැබුවේ පාපන්දු ක්‍රීඩාව ඉහළ තලයකට ගෙන යෑමට අපේ තරුණ තරුණියන් පෙලඹවීම සඳහායි.” ඒ මහතා පවසයි.