ආහාර අර්බුදයට මුහුණදීමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහාය – එ.ජා. සංවිධානය සහතික වූ බව අගමැති කියයි

ඉදිරියේදී ශ්‍රී ලංකාවේ ඇතිවිය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් අගමැතිවරයා මේ බව සඳහන් කර ඇත.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර නොමැතිවීමෙන් එළැඹෙන අගෝස්තු මාසය වනවිට ශ්‍රී ලංකාවට ආහාර අර්බුදයකට මුහුණදීමට සිදුවන බව අගමැතිවරයා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.

එවැනි පසුබිමක එම ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජාත්‍යන්තර සහාය ලබාගැනීමට උපකාර කරන බවට එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය සහතික වී ඇතැයිද අගමැතිවරයා සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබේ.

තමා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සිදුකළ සාකච්ඡාවලින් පසුව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ඒ සඳහා සහතික වූ බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.