ජාත්‍යන්තර ජාවාරම්කරුවකු පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට

ජාත්‍යන්තර  මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවකු  විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ කාර්ය බලකාය විශේෂ මෙහෙයුම් i හි නිලධාරීන්ට යුධ හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව පොලිස් පරික්ෂක එච්.වී.එල්. විජයරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්  තෙලිකඩ පොලිස් වසමේ ලුම්බිනි, ගිනිමැල්ල ගහ බටහිර, ගෝනපීනුවල ලිපිනය පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර තිබේ.
එහි දී පාකිස්ථානයේ නිෂ්පාදිත පිස්තෝල අවියක් හා එම ජීව උණ්ඩ, ජාත්‍යන්තරව සිදු කරණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම් තුලින් උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ අනූවකට අධික මුදල් හා සැටලයිට් වර්ගයේ දුරකථනයක්, මත්ද්‍ර‍ව්‍ය ප්‍ර‍වාහනය කිරීමට යොදා ගත් වෑන් රථයක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍ර‍ව්‍ය කාර්යාංශය වෙත භාර දී ඇත.