රිෂාඩ්ගේ සොහොයුරා නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹේ

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව කරුණු සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබේ. අදාළ සියළු විමර්ශන ගොනු සමගින් අද දිනයේ තමන් හමුවේ පෙනී සිටින ලෙස නීතිපතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියාට දැනුම් දී තිබේ.