චීනයෙන් රුපියල් බිලියන 16ක ආධාරයක්

මහජන චීන සමූහාණ්ඩුව විසින් මෙරටට යුවාන් මිලියන 600ක මූල්‍යාධාරයක් ලබා දුන් බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී. ඒ අනුව එම මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් බිලියන 16යි දශම 5ක් වේ.
මෙම ආධාර මුදල පශ්චාත් කොවිඩ් කාලසීමාව තුළ ග්‍රාමීය පළාත් තුළ වෛද්‍ය පහසුකම් ලබාදීමට, අධ්‍යාපනය හා ජල සම්පාදනය ආදී මූලික කරණු සඳහා භාවිත කිරීමට එකඟතාව පළ වී ඇති බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.