කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි

පවතින කොවිඩ් 19 වෛරස් තත්වය ඉහළ යෑමේ හේතුවෙන් කාත්තාන්කුඩි පොලිස් වසම හා කල්මුණේ ප්‍රදේශ කිහිපයක් අද (01 වැනිදා) සිට හුදකලා ප්‍රදේශ ලෙස නම් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව කල්මුණේ 1, කල්මුණේ 1 ඒ, කල්මුණේ 1 ඊ, කල්මුණේ 2, කල්මුණේ 2ඒ,
කල්මුණේ 2බී, කල්මුණේ 3, කල්මුණේ 3ඒ, කල්මුණේ කුඩි 1, කල්මුණේ කුඩි 2,කල්මුණේ කුඩි 3 යන ප්‍රදේශ හුදෙකලා කිරීමට පියවර ගෙන තිබේ.