අඟුලාන පොලිස් බලප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් හුදෙකලා කරයි

අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ. ඒ අනුව අඟුලාන උතුර සහ අඟුලාන දකුණ යන ග්‍රාම නිලධාරී කොට්ඨාස මෙලෙස හුදකලා කර තිබේ.
මේ වනවිට මොරටුව නගර සභා බල ප්‍රදේශයෙන් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 131 දක්වා ඉහළ ගොස් තිබෙන අතර ගතවූ පැය 24 තුළ මොරටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් නව කොවිඩ් ආසාදිතයින් 28කුත් , එගොඩ උයන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 7දෙනෙකුත් වාර්තා වී තිබේ.